ශ්‍රී ලංකා

රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ මරණය ගැන සැකයක්!

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට මරු කැඳවූ රිය අනතුර සම්බන්ධයෙන් මේ වනවිට සැකයක් මතුවන කරුණු කාරණා ඉදිරිපත් වෙමින් තිබේ.

එම සැකයයට ඌණ පූරණයක් වී ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයාගේ රියදුරා අනතුරට පෙර දිනයේ සිය සමාජ මාධ්‍ය ගිණුම්වල පල කර තිබූ සටහනකි

උපුටා ගැනීමයි.

“හෙට වෙනකොට මගේ නමට යටින් ලස්සන ෆොටෝ එකක් වැටිලා නමට උඩින් අමාමහ නිවන් සුව කියලා තිබ්බොත්. උඹලාට හිතෙන දේ කියන් යමන්. මැරෙන්න කලින් මම ඒ ටික කියවන්න හරි ආසයි.”

උපුටා ගැනීම අවසන්.

අනතුරට පෙරදා ඔහු විසින් සිය සමාජ මාධ්‍ය ගිණුමක පල කර තිබූ මෙම සටහන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දැඩි සැකයට මේවන විට හේතු වී තිබේ.

එසේම මේ සම්බන්ධයෙන් දේශපාලන විචාරක මතය වී ඇත්තේ අදාල සැකය මතු කිරීම මේවන විට සනත් නිශාන්ත මහතාට සමාජ මාධ්‍ය තුළ පලකෙරෙන අපහාසාත්මක සටහන්වලට යම් පාලනයක් ඇති කිරීමට හේතුවන බැවින් සනත් මරා දැමූ බවට වන සැකය උවමනාවෙන් සමාජගත කිරීමට උත්සාහ කරණ බවයි.

කෙසේවුවද, සනත් නිශාන්ත මහතාට සහ ඔහුගේ ආරක්‍ෂක නිලාරීයාට මරු කැඳවු අනතුර වන අවස්ථාවේදී වී-8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය පැදවු සනත් නිශාන්ත මහතාගේ රියදුරා වශයෙන් කටයුතු කළ ආරච්චිකට්ටුව කැලේගම පදිංචි සුරියහෙට්ටි අධිකාරී මුදියන්සේලාගේ ප්‍රභාත් එරංග ඩිල්නේෂා නමැත්තා රිමාන්ඩ් භාරයට පත් කිරීමට වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා කටයුතු කර තිබේ.

එසේම සනත් නිශාන්ත මහතා ගමන් ගත් වී-8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය ඝට්ටනය වු කන්ටේනර් රථයේ රියදුරා වශයෙන් කටයුතු කළ ජයන්ත නිරෝෂන් දසනායක ද ඇප මත මුදා හැරීමට ද නියෝග කර ඇත.

කන්ටේනර් රථයේ රියදුරා රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි කඳාන පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ගාමිණී සෙනරත් හේවාවිතාන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියද එය ප්‍රතික්‍ෂෙප කරමින් රුපියල් ලක්‍ෂ 05ක් වටිනා ඇපකරුවකුගේ බැඳුම්කරයක් මත ඔහු මුදා හැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා ඔහුගේ රියදුරු බලපත්‍රයද තාවකාලිකව මුදා හැරීමටට නියම කළේය.

අනතුරින් සුලු තුවාල ලැබු සනත් නිශාන්ත මහතාගේ රියදුරා වශයෙන් කටයුතු කළ ඔහු ගමන්ගත් වී-8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය පැදවු ප්‍රභාත් එරංග ඩිල්නේෂා නමැත්තා රාගම රෝහලේ 39 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.

TEAM CNF 02

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

24 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago