දඹුල්ල පුද්ගලික හෝටලයක සේවිකාවකගේ සේවය ස්ථිර කිරීමට කටයුතු කරන බව පවසා ඇය හබරණ හෝටලයකට රැගෙන ගොස් ලිංගික හැසිරීමට තැත් කිරීම යන චෝදනා මත දඹුල්ල පුද්ගලික හෝටලයක මානව සම්පත් කළමනාකාරවරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.
සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ 2023 අංක නවය දරන නව දූෂණ විරෝධී පනත මගින් පුද්ගලික අංශයේ අල්ලස් සම්බන්ධයෙන් කටයුතු කිරීමටද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලද බලතල අනුව කරන ලද ප්‍රථම වැටලීම අනුවයි.
මහ විලච්චිය ප්‍රදේශයේ පදිංචිකාරියක කරන ලද පැමිණිල්ලක් අනුව පුද්ගලික හෝටලයක සේවය කරනු ලබන පැමිණිලිකාරියට දැනට ගෙවනු ලබන 75% ක සේවා ගාස්තු මුදල සම්පූර්ණයෙන් ගෙවීමට හා උසස් නිලධාරින් මගින් ඉදිරියේදී ඇයගේ සේවය ස්ථිර කර දීමට කටයුතු කිරීමටද ගණකාධිකාරී සහ මානව සම්පත් කළමනාකරු ලෙස එම හෝටලයේ රැකියාව කරන සැකකරු, ලිංගික අල්ලස් ඉල්ලා ඇය හෝටලයකට රැගෙන ගොස් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…