ශ්‍රී ලංකා

අධිකරණ රාජ්‍ය ඇමති අනුරාධ ජයරත්නගේ නීති විරෝධී රාජ්‍ය දේපල පරිහරණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට ගිය ප්‍රාදේශීය ලේකම්ට වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුවීමක්!

අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න විසින් අයථා ලෙස පරිහරණය කළ රාජ්‍ය දේපල සම්බන්ධව රටේ පිළිගත් නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය උඩ පලාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න වහාම ක්‍රියාත්මකවන පරිදි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අභ්‍යන්තර පාලන අංශය වෙත ස්ථාන මාරු කර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සහ මහනුවර දිසාපති චන්දන තෙන්නකෝන් විසින් උඩපලාත ප්‍රාදේශීය ලේකම්වරිය වහාම ක්‍රියාත්මකවන පරිදි මාරු කර ඇත්තේ පෙරේදා (26) දිනයේ සිටය.

උඩපලාත රජයේ ඉඩමක් අත්පත් කරගෙන එම ඉඩමේ රාජ්‍ය මුදල් භාවිතයෙන් සංස්කෘතික මධ්‍යස්ථානයක්, ඇතුළු ඉදිකිරීම් කර ඉන් උපයනා ආදායම පුද්ගලිකව පරිහරණය කරන හිටපු අගමැති දී.මූ. ජයරත්නගේ පුත් අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ලංකා ජයරත්නට වහාම එම අනීතිකව සිදුකරන රාජ්‍ය දේපල පරහරණය නවත්වා 2024.02.12 වනවිට එම දේපලවලින් අයිතිය අත්හැර ඉවත්වන ලෙස උඩපලාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න විසින් ලිඛිතව දන්වා තිබිණි.

රජයේ ඉඩම් සන්තකය ලබාගැනීමේ පනතේ 3වන වගන්තියට අනුව එම වත්කමේ නිසි බලධාරියා ලෙස තමන්ට ඇති බලතල ප්‍රකාරව ප්‍රාදේශීය ලේකම්වරිය අනුරාධ ලංකා ජයරත්නට වහාම එම දේපල අතුහැර යන ලෙස නිවේදනය කරන්නේ පසුගිය 12 වැනිදා එම සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට ගොස් එහි අදාල ලිඛිත නිවේදනය අලවමිනි.

අනුරාධ ජයරත්න මෙතෙක් අනවසරයෙන් භුක්ති විඳමින් ආදායම් උපදවා පුද්ගලිකව පරිහරණය කර ඇත්තේ අංගමන බටහිර ග්‍රාම නිලධාරී වසමේ රදාව වත්තේ හෙක්ටයාර 0.3283ක් පමණ වූ බිම් කොටසකි.

ප්‍රාදේශීය ලේකම්වරිය තීන්දුව අලවමින්

ප්‍රාදේශීය ලේකම්වරිය විසින් ගත් මෙම තීන්දුවත් සමග ඇයට රාජ්‍ය නිලධාරීන්ගෙන් ද බලපෑම් එල්ල විය.

එම නිවේදනය අලවා සති දෙකක් ඉක්ම යන දිනයේ දේශපාලන බලයට යටත් වූ නිවට රාජ්‍ය නිලධාරීන් විසින් ඇයව උඩ පළාත ප්‍රාදේශීය ලේකම් ධූරයෙන් වහාම ක්‍රියාත්මකවන පරිදි මාරු කර යැව්වේය.

Ceylon News Factory

View Comments

  • රාජ්‍ය නිලධාරීන්ට සෘජු තීරණ ගන්න දෙන් නැති මේ system එක වෙනස් විය යුතුයි

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago