කටුනායක අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (28) පස්වරුවේ සිදු කිරීමට නියමිත ව තිබේ.
ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසේ දී අද දහවල් 01ට අවමංගල්‍ය සභාවේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.
රාජ්‍ය අමාත්‍යවරයාගේ දේහය මේ වනවිට ආරච්චිකට්ටුව ප්‍රදේශයේ නිවස අසල පිහිටි තාවකාලික ශාලාවක තැන්පත් කර ඇති අතර අද අහවල් 01 දක්වා දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අවස්ථාව හිමි වේ.
අවමංගල්‍ය සභාවේ කටයුතුවලින් අනතුරු ව දේහය රාජකදළුව කතෝලික සුසාන භූමිය වෙත පෙරහරකින් ගෙනගොස් භූමදානය කිරීමට නියමිතයි.
පසුගිය 25 වැනි දින අලුයම කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ධාවනය වූ කන්ටේනර් රථයක රාජ්‍ය අමාත්‍යවරයා ගමන් කළ ජීප් රථය ගැටීමෙන් සිදුවූ අනතුරින් සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත් වූහ.
රාජ්‍ය අමාත්‍යවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ආගමික නායකයින්, දේශපාලඥයින් ඇතුළු පාක්ෂිකයින් විශාල පිරිසක් ඊයේ රාත්‍රියේත් පැමිණ සිටි බව ‘අද දෙරණ’ වාර්තාකරු සඳහන් කළේය.
අනතුරින් මිය ගිය ආරක්ෂක නිලධාරියාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මහනුවර – හෑදෙණිය – මරවනාගොඩ පොදු සුසාන භූමියේ දී ඊයේ පස්වරුවේ සිදු කෙරිණි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…