ශ්‍රී ලංකා

අවංලගු කළ උසස් පෙළ කෘෂිවිද්‍යාව ප්‍රශ්න පත්‍රය ගැන විශේෂ නිවේදනයක් !

අවංලගු කළ උසස් පෙළ කෘෂිවිද්‍යාව ප්‍රශ්න පත්‍රය වෙනුවට පැවැත්වෙන නව විභාගය සඳහා පෙනී සිටීමට අදාළ ප්‍රවේශ පත්‍රය www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග අපේක්ෂකයින් සඳහා මේ වන විටත් ප්‍රවේශ පත්‍රය නිකුත් කර ඇති අතර එය ලැබී නොමැතිනම් පමණක් වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රවේශ පත්‍රය ලබාගත හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කෙසේවෙතත් විභාග අපේක්ෂකයින් අවලංගු වූ විභාගය සඳහා පෙනී සිටින මධ්‍යස්ථානයේම නව ප්‍රශ්න පත්‍රය සඳහා පෙනී සිටින්නේනම් එලෙස ප්‍රවේශ පත්‍රය අවශ්‍ය නොවන බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙවර උසස් පෙළ කෘෂිවිද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමග එම ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.

ඒ අනුව එම විෂය පමණක් විශේෂ විභාගයක් ලෙස පෙබරවාරි මස පළමුවනදා පැවැත්වීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

කෘෂිවිද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස එදින පෙරවරු 08.30 සිට 11.40 දක්වාත් පළමු කොටස එදින පස්වරු 01 සිට 3 දක්වාත් පැවැත්වෙනු ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විභාග දෙපාර්තමේන්තුව ඇමතීමෙන් ලබාගත හැකි බව කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

24 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago