ශ්‍රී ලංකා

සජබය ජනපති සටන අරඹමින් සිදුකරන ජන රැළියට අධිකරණ නියෝගයක් !

“වෙනසක් හදන වසරක්” තේමාව යටතේ විපක්ෂයේ ජනාධිපතිවරණ සටන කොළඹින් ආරම්භ කිරීමට සමගි ජන බලවේගය පියවර ගෙන තිබේ.

ඒ අනුව අද (30) දිනයේ විශාල ජනරැළියක් කොළඹදී පවත්වන බව සමගි ජනබලවේගය සඳහන් කළේය.

දිවයිනම ආවරණය වන පරිදි සමගි ජන බලවේගයේ ආධාරකරුවන්ට මෙම රැළියට සහභාගී වන ලෙස ඔවුන් දැනුම් දී තිබේ.

එමෙන්ම පක්ෂයේ සියලු නායකයින් මෙම රැළියට සහභාගී වන බව සමගි ජනබලවේගය සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම ජන රැළියට අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස, පක්ෂ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, මැද කොළඹ ප්‍රධාන සංවිධායක මුජිබර් රහුමාන්, මැද කොළඹ සංවිධායක අප්සරා අමරසිංහ, සමගි ජන බලවේග ක්‍රියාකාරී සමාජිකයින් සහ ක්‍රියාකාරී කාන්තා සංවිධාන ඇතුළු රැළියට සහභාගී වන සියලු සාමාජිකයින් වෙත කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ නියෝගය නික්තු කර ඇත.

ඒ අනුව ඉහත වගඋත්තරකරුවන්ට හා ඔවුන්ගේ අනුගාමිකයින්ට මාලිගාවත්ත පොලිස් වසමේ මුස්ලිම් කනත්ත අසල සිට ප්‍රදිපා මාවත, ජයන්ත වීරසේකර මාවත, මිල්ටන් පෙරේරා මාවත හා ජුම්මා හන්දිය හරහා සංඝරාජ වටරවුම ඔස්සේ සංඝරාජ මාවත භාවිත කරන පුද්ගලයින්ට අවහිර වන ලෙස ගමන් කිරීම තහනම් වේ.

තවද මුදල් අමාත්‍යාංශයට සහ ජනාධිපති ලේකම් කර්යලයට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියොගයක් නිකුත් කර තිබේ.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

21 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

24 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago