විකිණීමට යෝජිත ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා ඇතුළු රජයේ අධ්‍යක්ෂවරුන් හයදෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන බව නිවේදනය කර ඇති බව සමාගම ඊයේ අනාවරණය කළේය.
ඒ, රියාස් මිහුලර් (විධායක නොවන ස්වාධීන සභාපති), කොටස් 120,000ක් හිමි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේදී පත්කළ හිටපු සභාපති රොහාන් ප්‍රනාන්දු, ලලිත් සෙනෙවිරත්න, රංජිත් රූබසිංහ, ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් සහ භාණ්ඩාගාර නියෝජිත කේ.ඒ. විමලේන්ද්‍රරාජ් යන පිරිසයි.
ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රතිසංවිධානය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනවාරි 24 වැනි දින භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් ලබාදීමෙන් අනතුරුව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් හයදෙනකුගේ ඉල්ලා අස්වීම් සිදුව තිබේ.
ඉල්ලා අස්වූ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වෙනුවට යෝජිත නව සාමාජිකයන් වන්නේ, කේ.ඩී.ඩී.ඩී. අරන්දර (සභාපති), ආචාර්ය කේ.ඒ.එස්. කීරගල, දිනේෂ් විදානපතිරණ, මහාචාර්ය කේ.එම්. ලියනගේ, ආචාර්ය ඩී.එම්.අයි.එස්. දසනායක සහ චතුර මොහොට්ටිගෙදර යන අයයි.
රොහාන් ප්‍රනාන්දු ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අනුබද්ධිත eChanneling Plc හි සභාපති ධූරයෙන් ද ඉල්ලා අස්ව තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…