සිය ඉල්ලීම්වලට මේ දක්වාත් විසදුම් ලබානොදීමට විරෝධය පළ කරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද (01) වැඩවර්ජනයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පවසයි.
වෛද්‍යවරුන් සඳහා රුපියල් 35,000කින් ඉහළ දැමීමට තීරණය කළ ඩැට් දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් ඔවුන් පසුගියදා අවස්ථා කිහිපයකදී විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වුණි.
එහිදි සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුම්වලට එළඹීමට බලධාරීන් එකඟතාව පළ කළත් මේ දක්වාත් ඒ සඳහා විසඳුම් ලැබි නොමැති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පවසයි.
මේ හේතුවෙන් අද පෙරවරු 6.30 සිට දිවයින පුරා සෞඛ්‍ය කාර්යය මණ්ඩලය වැඩ වර්ජනයක නිරත වන බව එම ව්‍යාපාරයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසුවේය.
කෙසේවෙතත් සමස්ත ලංකා හෙද සංගමය අදාළ වර්ජනය සඳහා එක් නොවන බව එහි සභාපති රවීන්ද්‍ර කහදවආරච්චි මහතා කියා සිටියේය.
මේ අතර අද දිනයේ ක්‍රියාත්මක වැඩවර්ජනය සාධාරණ හේතුවක් මත සිදුකරන වැඩ වර්ජනයක් නොවන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමි පැවසීය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…