ශ්‍රී ලංකා

අඩු බර පාන්වලට රුපියල් 10,000ක දඩයක් – බර ප්‍රදර්ශනය කරන ලෙසට ගැසට් පත්‍රයක්

පාන් ගෙඩියක නියමිත බර නොමැති වූවහොත් රුපියල් 10,000ක දඩයක් පැනවිය හැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

එහි සභාපති ශාන්ත නිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ, මේ වනවිට අදාළ දඩ මුදල ක්‍රියාත්මක බවයි.

පාන් ගෙඩියක් සඳහා නියමිත බර සහ මිල ප්‍රදර්ශනය අනිවාර්ය බව පාරිභෝගික අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඇසුරුම් කිරීමේ, ගබඩා කිරීමේ සහ තොග වශයෙන් විකිණීමේ නිරත අයෙකු මෙන්ම සිල්ලර වෙලඳාමේ නිරතව සිටින සිල්ලර වෙලෙන්දාද නිශ්චිතව දක්වා ඇති බර අඩංගු විය යුතු බවට වගබලාගත යුතුයි.

පාන් රාත්තරලක උපරිම බර ග්‍රෑම් 450ක් වනවා. උපරිම වශයෙන් ඉන් ග්‍රෑම් 13.05ක් අඩු විය හැකියි.

එමෙන්ම පාන් භාගයක බර ග්‍රෑම් 225ක් විය යුතු අතර අඩු විය හැකි ප්‍රමාණය ග්‍රෑම් 09ක් බවයි පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් පත්‍රයක දැක්වෙන්නේ.

මේ වනවිට වෙළෙඳපොළෙහි පාන් රත්තලක් රුපියල් 160කට අලෙවි කරන අතර පෙති කපන ලද පාන් රාත්තලක් සුපිරි වෙළෙඳසැල්වල අලෙවි කරනු ලබන්නේ රුපියල් 210කටයි.‌

කෙසේ වෙතත් වෙළෙඳපොළෙහි විවිධ මිල ගණන් යටතේ පාන් අලෙවි කරන බවටයි, පාරිභෝගිකයන් චෝදනා කළේ.

වෙළෙඳපොළේ පවතින පාන් බොහොමයක නියමිත බර නොපවතින බව සඳහන්.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago