ශ්‍රී ලංකා

කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙයි !

පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව, ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාර දී ඇතැයි වාර්තා වේ.

තමා නිවැරදිකරු බව ඔප්පු වී පවතින නඩුවෙන් නිදොස් වන තුරු සිය කැබිනට් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව අමාත්‍යවරයා සඳහන් කර ඇතැයි එහි සඳහන් බව ද වාර්තා වේ.

එම ලිපිය ජනාධිපතිවරයා විසින් භාර ගනු ලැබ ඇති අතර පරිසර අමාත්‍යංශය ජනාධිපතිවරයා යටතට පවරාගෙන ඇති බව ද සඳහන් ය.

ආරංචි මාර්ග සඳහන් කළේ, ඉදිරි දිනකදී නව පරිසර අමත්‍යවරයෙකු දිවුරුම් දෙනු ඇති බව ය.

කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ සිදු කළ බව කියන මානව ප්‍රතිදේහ එන්නත් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ, පෙබ. 2 වන දා ය.

පසුව පෙබ. 3 වන දා ඔහු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදී ඔහු එළඹෙන 15 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ලෙසට නියෝග කෙරිණි.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago