ශ්‍රී ලංකා

හිරේට යන ප්‍රභූන්ට සැප දෙන්නේ වෛද්‍යවරියක් – රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කරයි !

බන්ධනාගාරගතව සිටින ප්‍රභූ පුද්ගලයන්ට බන්ධනාගාර රෝහල තුළ ජීවිතය සතුටින් ගතකිරීමට වැලිකඩ බන්ධනාගාරය භාර වෛද්‍ය නිලධාරිනිය ඉඩ ලබාදී ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය චෝදනා කරයි.

එම වෛද්‍ය නිලධාරිනියගේ බලතල අවභාවිත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට දිගින් දිගටම පැමිණිලි කළද බලධාරීන් මුනිවත රකින බව සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඩේලි මිරර් වෙත පවසා ඇත.

“මෙම වෛද්‍ය නිලධාරියාගේ ක්‍රියාකලාපය නිසා ප්‍රභූවරුන්ට පමණක් නොව සිරගත කරන ලද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ටද බන්ධනාගාර රෝහල තුළ සුවපහසු ලෙස රැඳී සිටීමට ඉඩ ලැබී තිබෙනවා” ඔහු පවසයි.

මේ තත්ත්වය තුළ වැලිකඩ බන්ධනාගාරයේ සිටින සැබෑ රෝගීන්ට ප්‍රතිකාර ලබාගැනීමේ අවස්ථාව අහිමි වී ඇති බව හෙතෙම පෙන්වාදෙයි.

මීට අමතරව, මානව හිමිකම් කවුන්සිලයට සහ තවත් පාර්ශව කිහිපයකට පැමිණිලි ඉදිරිපත් කර ඇති නමුත් තවමත් වෛද්‍යවරියට එරෙහිව කිසිදු පියවරක් ගෙන නොමැති බව ඔහු සඳහන් කරයි.

ඉහත කී වෛද්‍යවරිය ප්‍රධාන වෛද්‍ය නිලධාරියා යන මුද්‍රාව යටතේ සේවයට පැමිණ ඇති බවත්, වසර පහකට අධික කාලයක් එහි සේවය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර දී ඇති බවත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago