09 වන පාර්ලිමේන්තුවේ 05 වන සභා වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතව තිබේ.
අද පෙරවරු 10.30ට පාර්ලිමේන්තුවේ මුලසුන දරමින් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය ජනවාරි මස 26 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම සිදුකළේය.
ඒ අනුව අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ලබන 8 සහ 09 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතය.
කෙසේවෙතත් මෙවර පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය ඉතා අඩු වියදමෙන් සරල සහ චාම් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වෙයි.
අදාළ උත්සවය සඳහා ආචාර පෙළපාලි, ආචාර වෙඩිමුර, පෙර ගමන් රථ යනාදී විශේෂාංග කිසිවක් ඇතුළත් නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.
පෙරවරු 10.25ට මන්ත්‍රීවරුන් සභාවේ අසුන් ගැනීමට නියමිතය.
පෙරවරු 10.30ට ජනාධිපතිවරයා සභා ගර්භයට පිවිසෙන අතර පාර්ලිමේන්තු වාර අවසාන කිරීමේ සහ පාර්ලිමේන්තු රුස්වීම් කැඳවීමේ ප්‍රකාශය පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් සභාවට කියවීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතය.
පාර්ලිමේන්තුව ඇමතීමෙන් පසු ජනාධිපතිවරයා විසින් පෙබරවාර 8 වනදා පෙරවරු 9.30 දක්වා පාර්ලිමේන්තුව කල්තැබීමෙන් පසු එදින කටයුතු නිමාවීමට නියමිත බව සඳහන් ය.
මේ අතර වාර අවසාන කෙරුණු පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය වර්ජනය කිරීමට උත්තර ලංකා සභාගයේ මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ.
උත්තර ලංකා සභාගයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වී මෙම තීරණය ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පැවසීය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…