දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල ශ්‍රී ලාංකිකයින් ගෙවන බව Verite Research ආයතනය පවසනවා.
ඒ, 2023 දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ විදුලි ගාස්තු සහ අනෙකුත් දකුණු ආසියාතික රටවල විදුලි ගාස්තු සංසන්දනය කර සිදුකරන ලද විශ්ලේෂණයකින් අනතුරුවයි.
එම විශ්ලේෂණයට අනුව කරුණු 2ක් පිළිබඳව හෙළිවී තිබෙනවා.
එම කරුණු වන්නේ,
1) ශ්‍රී ලංකාව අනෙකුත් දකුණු ආසියාතික රටවලට සාපේක්ෂව වැඩිම ගෘහස්ත විදුලි පිරිවැයක් දැරීම.
2) ශ්‍රී ලංකාව අනෙකුත් දකුණු ආසියාතික රටවල කුටුම්භවලට සාපේක්ෂව සාමාන්‍ය විදුලි පිරිවැයට වඩා 2.5 සිට 3 ගුණයකින් වැඩි මුදලක් ගෙවයි.
නමුත් 2024 පෙබරවාරි මාසයේදී තීරුබදු අඩු කිරීමක් සැලසුම් කර ඇති බැවින් විදුලි බිල 4% හෝ ඊට අඩු පිරිවැයකින් අඩු වනු ඇති බවයි එම ආයතනය පැවසුවේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…