කොළඹ ජාතික අක්ෂි රෝහලේ අක්ෂි රෝගීන්ගේ අසාත්මිකතා සඳහා බහුලව යොදා ගන්නා Prednisolone Eye Drop 01% 5ml ඖෂධය රෝහල තුළ නොමැති බවයි එහි ප්‍රකාශකයෙකු පවසනවා.
නමුත් එය රුපියල් 900 සිට රුපියල් 1000 අතර මුදලකට පෞද්ගලික ඖෂධ හල්වල අලෙවි වන බව වැඩිදුරටත් සඳහන්.
පසුගිය කාලයේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් රජයේ රෝහල් පද්ධතිය තුළ මෙම ඖෂධ බෙදාහැර පාවිච්චි කිරීමේදී ඇතැම් රෝගීන්ගේ ඇස් අන්ධභාවයට පත්වීම නිසා එම සැපැයුම්කරුගේ ඖෂධ භාවිතයෙන් ඉවත් කර තිබුණා.
නමුත් Prednisolone Eye Drop නමැති මෙම ඖෂධයේ රෝහල් තුළ පැවැතීමේ අත්‍යවශ්‍යතාව සාකච්ඡා වුවත්, මේ දක්වා එය රෝහල් පද්ධතියට ලබා දීමට අපොහොසත් වී ඇති බව සඳහන්.
මීට අදාළ රැස්වීම් වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ සහ ලේකම් පාලිත මහීපාල මත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
එමෙන්ම අක්ෂි රෝග අසාත්මිකතාවලින් පෙළෙන රෝගීන් මෙම ඖෂධ හිඟතාව නිසා බලවත් අපහසුතාවකට පත්ව සිටින බව වැඩිදුරටත් සඳහන්
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…