ශ්‍රී ලංකා

මීරිගම රෝහල කැළඹෙයි – ළමා වාට්ටුවට නිරුවතින් පුද්ගලයෙක් ඇවිත් !

මීරිගම මූලික රෝහලේ ළමා වාට්ටුවට පෙරේදා (08) අලුයම නිරුවතින් පැමිණි පුද්ගලයෙකු නිසා එම වාට්ටුව තුළ නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ඇගේ නූල් පොටක්වත් නොමැතිව ළමා වාට්ටුවට ඇතුළු වූ එම පුද්ගලයා අදාළ වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 13 හැවිරිදි දැරියක නිදාගෙන සිටි ඇඳ මත වාඩි වී සිට ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

එම දැරිය අලුයම අවදි වන විට තමා නිදා සිටි ඇඳ මත නිරුවතින් පුද්ගලයකු වාඩි වී සිටින අයුරු දැක බිය වී කෑ ගසා ඇති බවයි වාර්තා වන්නේ.

දැරියගේ කෑ ගැසීම නිසා නිරුවත් පුද්ගලයා වාට්ටුවෙන් පලා ගොස් ඇති අතර රෝහල මගින් මේ බව මිරිගම පොලිසියට දන්වා ඇති බවයි.

පොලිස් නිලධාරීන් එහි පැමිණ පරීක්ෂණ ආරම්භ කර සිද්ධියට මුහුණ පෑ දැරියගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago