ශ්‍රී ලංකා

ඉන්දියාවේ යූ.පී.අයි ගෙවීම් පද්ධතිය හෙට සිට ශ්‍රී ලංකාවටත් (VIDEO)

ඉන්දියාවේ ඒකාබද්ධ ගෙවීම් ක්‍රියාවලිය හෙවත් යූ.පී.අයි ගෙවීම් පද්ධතිය හෙට (12) සිට ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලිසබ්රි මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මාර්ගගත ක්‍රමය ඔස්සේ අදාළ පද්ධතිය කොළඹ දී එළිදැක්වීමට නියමිත බව ය.

ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී ඉන්දීය මාධ්‍ය නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මේ බව සඳහන් කර තිබේ.

යූ.පී.අයි ලෙස හැඳින්වෙන ඉන්දියානු ඒකාබද්ධ ගෙවීම් ක්‍රියාවලිය 2016 වර්ෂයේ දී ඉන්දියානු ජාතික ගෙවීම් සංස්ථාව විසින් ක්ෂණික ගෙවීම් පද්ධතියක් ලෙස හඳුන්වා දෙනු ලැබීය.

මෙම ගෙවීම් පද්ධතිය ජංගම දුරකථන මාර්ගයෙන්, අන්තර් බැංකු සහ පුද්ගල වෙළෙඳාම් ගනුදෙනු සඳහා පහසුකම සපයනු ලබයි.

මෙමගින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීමට හැකි වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍ය නීතිඥ අලිසබ්‍රි මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago