ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයෙන් අද (13) දින සිට තමා එම ධුරයෙන් ඉල්ලා අස්වෙන බවත් එම ඉල්ලා අස්වීමේ ලිපිය නීතිඥ මනෝජ් ගමගේ විසින් සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ වෙත ලබා දී ඇති බව සදහන් වෙනවා.
ඒ සමඟම ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයෙන් තවත් දෙදෙනෙකු ඉල්ලා අස්වී තිබෙනවා.
කෙසේ වෙතත් නීතිඥ මනෝජ් ගමගේ සෞඛ්‍ය අමත්‍යවරයා වෙත ලබාදුන් ලිපියේ තමා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකුව සිටින කාලයේ දී ආයතනයේ උන්නතිය වෙනුවෙන් නීතිඥයෙකු ලෙස හැකි උපරිමයෙන් කටයුතු කළ බවත් අධ්‍යක්ෂ ලෙස ආයතනය තුළ පැවති අඩුපාඩු ගණනාවක් සම්පුර්ණ කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස නිසි තීන්දු තීරණ ගත් බවත් සඳහන් වෙන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, ඔහු දැනට ඖෂධ ජාවාරමක් සම්බන්ධව රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නීතිඥයා ලෙස ද කටයුතු කරනු ලැබුවා. එක් අවස්ථාවක රහස් පොලිසිය කෙහෙළියගේ නිවසට ප්‍රශ්න කිරීම පිණිස ගිය අවස්ථාවේ ඔහු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිට ප්‍රකාශ නිකුත් කරනු ලැබුවා. එය බොහෝ අංශවල දැඩි විවේචනයට ලක් වුණා.
එතුමා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත යොමුකළ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…