වසර ගණනක ප්‍රේමය මඟහැරීමට උත්සාහ කළ 22 හැවිරිදි පෙම්වතාට පිහිපහරක් එල්ල කළ 19 හැවිරිදි පෙම්වතිය ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොළ වැඩබලන මහෙස්ත්‍රාත් නන්දනී කාන්තිලතා මහත්මිය නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ගම්පොළ උලපනේ ප්‍රදේශයේ පදිංචි තරුණියකි.
ඇය ගම්පොළ නගරයේ මත්ස්‍ය ව්‍යාපාරවලට සම්බන්ධ තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබිණි.
එහෙත් කාලයක් ගිය පසු අදාළ තරුණයා ඇයව අත්හරින බවක් ඇයට දැනීමත් සමග ඒ පිළිබඳ ඇය ඔහුගෙන් විමසා සිටියද ඔහුගේ තීන්දුව වෙනස් නොවන බව දැනගත් ඇය ඔවුන් දෙදෙනාගේ ඡායාරූපද මුහුණු පොතේ පළ කිරීමට කටයුතු යොදා ඇත්තේ ඔහුට වෙනත් පෙම් සබඳතාවක් පවත්වාගෙන යා නොහැකි වන අයුරින්ය.
මෙයින් කිපී ඇති තරුණයා එම ඡායාරූප මුහුණු පොතෙන් ඉවත් කරන ලෙස දන්වා ඇයට පහරදී ඇති අතර මේ පිළිබඳ ඇගේ මව හා සහෝදරයාද දැනගෙන සිද්ධියට මැදිහත්වී තිබේ.
ඒ අනුව තරුණියගේ මව හා සොයුරා මෙම තරුණයා ව්‍යාපාර කරන ගම්පොළ පොදු වෙළෙඳ පොළ වෙත පැමිණ ඒ පිළිබඳව විමසා ඇති අතර එහිදී අදාළ තරුණයා පෙම්වතියගේ සොහොයුරාට පහර දී තිබේ.
එහිදී මව විසින් පහර කෑ පුතා රෝහලට රැගෙන ගොස් ඇති අතර තරුණිය සඟවාගෙන සිටි පිහියක් රැගෙන පෙම්වතාට පහර එල්ල කර ඇත.
එයින් තුවාල ලැබූ පෙම්වතා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර වෙළෙඳසැල අසල සිටි අනෙකුත් පිරිස මෙම තරුණිය මෙල්ල කර පසුව ඇය පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…