ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් හදිසියේ මෙල්බර්න් ගුවන්තොටුපළට ගොඩ බස්වා තිබෙනවා.
ඒ, එම ගුවන් යානය පිටත් වී සුළුවේලාවක් ගත වීමෙන් අනතුරුවයි.
UL605 ගුවන් යානයේ කුටියක ඇති වූ බව කියන දුමාරයක් හේතුවෙන් මෙලෙස ගොඩ බා ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
මෙය එයාර්බස් A330 අයත් එකක් වන බව සඳහන්.
අදාළ යානය ගොඩබෑමෙන් අනතුරුව එහි සිටි සියලු මගීන් ආරක්ෂිතව ගොඩ බැස ඇති බවයි අදාළ වාර්තාවල දැක්වෙන්නේ.
එම යානයේ ඇති වූ බව කියන කාර්මික දෝෂය සම්බන්ධයෙන් සොයා බැලීමට තාක්ෂණික ශිල්පීන් කණ්ඩායමක් යොමු කර තිබෙනවා.
අදාළ යානය ඔස්ට්‍රේලියානු වේලාවෙන් පස්වරු 6.30ට කොළඹ බලා පියාසර කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත් එහි කුටියක දුමාරයක් නිරීක්ෂණ වීම හේතුවෙන් පස්වරු 7.20ට එම එය යළි ගොඩබැස්වීමටයි කටයුතු කර ඇත්තේ.
එහි සිටි මගීන්ට මේ වනවිට නවාතැන් පහසුකම් සලසා දී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ගුවන් යානය යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව නැවතත් කොළඹ බලා පියාසර කරනු ඇති.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…