මරියා මව්තුමියට සමාන ස්වරූපයෙන් කඳාන නගරය ආශ්‍රිතව රාත්‍රී කාලයේ සැරිසරන නාඳුනන කාන්තාවකගේ දර්ශණ ඇතුළත් වීඩියෝ රැසක් පසුගිය දින කිහිපය පුරා සමාජයේ වඩාත් කතා බහට ලක් වුණා.
අදාළ කාන්තාවගේ අනන්‍යතාව සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු අනාවරණය කරගෙන ඇති බවයි අප කළ විමසීමක දී කඳාන පොලිසිය සඳහන් කළේ.
සුදු පැහැති ඇඳුමකින් සැරසී රාත්‍රී කාලයේදී කඳාන නගරය තුළ සැරිසැරූ මෙම කාන්තාව සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරා සමාජය තුළ දැඩි කතාබහකට ලක්වුණා.
විදෙස් කාන්තාවක බවට සැකකළ හැකි ඇය මරියා තුමියගේ ස්වරූපය නිරූපණය කරන බවද ඇතැමුන් පැවසුවා. ඒ අනුව ඇගේ අනන්‍යතාවය සම්බන්ධයෙන්ද සමාජය තුළ පැවතියේ දැඩි කුතුහලයක්.
මෙම සිදුවීම සම්බන්ධයෙන් කඳාන පොලිසියෙන් විමසීමක් සිදුකළේ ඒ අනුවයි.
පොලිසිය සඳහන් කළේ ඇය රුසියානු ජාතික කාන්තාවක් බව, සිදුකළ පරීක්ෂණවලදී හෙළි වූ බවයි . ඇය මෙරටට පැමිණ බෞද්ධ දර්ශණයේ පවතින භාවනා ක්‍රම සම්බන්ධයෙන් අධ්‍යයන කටයුතු වල නිරත වන බවටද පොලිසිය කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.
ඇය කතෝලික ආගමේ කාන්තාවක් වුවද බෞද්ධ දර්ශණය සම්බන්ධයෙන් ඇති ළැදියාව මත ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන බවත් ඒ අතරතුර කඳාන ප්‍රදේශයේ පිහිටි කතෝලික පල්ලියක් වෙත යමින් සිටියදී රූ ගත කළ දර්ශන සමාජ මාධ්‍යයේ සංසරණය වී ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…