නවතම එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමි කර ගැනීමට ඇෆ්ඝනිස්තානයේ මොහොමඩ් නබී (ශ්‍රේණිගත ලකුණූ 314) සමත්ව තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකාව සමග පැවැති එක්දින තරගාවලියේ දී දැක් වූ දක්ෂතා පදනම් කර ගනිමිනුයි.
මෙතෙක් එහි පළමු ස්ථානයේ රැදී සිටි බංග්ලාදේශයේ ශකිබ් අල් හසාන්ට (ශ්‍රේණිගත ලකුණු 310) මේ වන විට හිමිව ඇත්තේ දෙවැනි ස්ථානයයි.
ශකිබ් අල් හසාන් දින 1,739 ක කාලයක් තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පෙරමුණ රැක ගැනීමට සමත්ව තිබුණා.(2019 වසරේ මැයි 7 වැනිදා සිට)
මොහමඩ් නබීගේ වයස මේ වන විට අවුරුදු 39 යි මාස එකක් වන අතර, ඒ අනුව ඔහු ඉතිහාසගත වූයේ එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පෙරමුණ හිමි කර ගත් වයස්ගතම ක්‍රීඩකයා ලෙසයි.
මීට පෙර ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් 2015 වසරේ ජූනි මාසයේ දී එහි පෙරමුණට පත් වීමේ දී ඩිල්ෂාන්ගේ වයස සටහන්ව තිබුණේ අවුරුදු 38 යි මාස 8 ක් ලෙසයි.
ඒ අනුව මෙතෙක් අදාළ වාර්තාවට හිමිකම් කියා තිබුණේ ඩිල්ෂාන් විසිනුයි.මේ අතර, නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 26 වැනි ස්ථානය දක්වා ස්ථාන 14 කින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ වනිදු හසරංග සමත්ව සිටිනවා.
ඩිල්ෂාන් මදුෂංක 33 වැනි ස්ථානය හිමි කර ගෙන ඇත්තේ ස්ථාන 4 කින් ඉදිරියට පැමිණෙමින්.එමෙන්ම එක්දින පිතිකරුවන් අතර 15 වැනි ස්ථානය දක්වා ස්ථාන 5 කින් ඉදිරියට පැමිණීමට චරිත් අසලංක සමත්ව ඇති අතර, පැතුම් නිස්සංක 18 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 10කින්.
සධීර සමරවික්‍රම ද 41 වැනි ස්ථානය දක්වා ස්ථාන ස්ථාන 6කින් ඉදිරියට පැමිණ ඇති බවයි අයි.සී.සීය නිවේදනය කළේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…