පාසල් සිසුවියන් තිදෙනෙකුට ලිංගික අතවර කිරීමට තැත් කළ පාසල් ගුරුවරයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනයවන වටවල ප්‍රදේශයේ දමිළ පාසලක විද්‍යා ගුරුවරයෙක්.
වසර පහක පමණ කාලයක් එම පාසලේ විද්‍යාව ගුරුවරයා වශයෙන් සේවය කළ සැකකාර ගුරුවරයා පාසලේ 10 වසරේ අධ්‍යාපනය ලබන සිසුවියන් තිදෙනෙකුට ලිංගික බලපෑම් කරමින් එස්.එම්.එස් කෙටි පණිවිඩ කිහිපයක් යොමු කර ඇති බවයි වාර්තා වෙන්නේ.
එම කෙටි පණිවිඩවලට පාසල් සිසුවියන් පිළිතුරු නොයැවිම නිසා එම සිසුවියන් පන්ති කාමරය තුළ වාඩි වි සිටින පුටුව මත තම ”යෝජනාවට එකගද” යනුවෙන් ලියා තිබු බවයි අගතියට පත් පාසල් සිසුවියන් සඳහන්කර සිටින්නේ.
අවු 44 හැවිරිදි සැකකාර ගුරුවරයා දෙදරු පියෙකු වන බවත්, එම සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…