බෙලිඅත්ත පංච පුද්ගල ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය අපේක්ෂා කරයි. පොලිසිය පවසන්නේ මෙම සැකකරුවන් සැඟවී සිටින බවට තොරතුරු අනාවරණ වී ඇති බවය.
වෑරගොඩ, කහව ලිපිනයේ පදංචිව සිටි බව කියන මහගමගේ දිනේෂ් ප්‍රියංකර නොහොත් චූටියා යාය හතර, තඹුත්තේගම සහ ගල්පාත, අඟුරුවැල්ල ලිපිනයේ පදිංචිව සිටි නානායක්කාර අඟරගේ නිශාන්ත සමන් කුමාර ඩයස්, පුවක්ගහවත්ත, මාකන්දන, ඌරගහ යන ලිපිනය පදිංචි රන්මුනි මහේෂ් හේමන්ත සිල්වා පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතන සැකකරුවන්ය.
එම සැකකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 071 859 14 88 අංකය අමතා තංගල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාට හෝ 071 859 14 97 අංකය අමතා බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට තොරතුරු ලබා දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා ඇත.
කෙසේ වෙතත් මින් දින කීපයකට පෙර රටේ ප්‍රධාන මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම පුද්ගලයින් දෙදෙනෙක් බෝට්ටු මාර්ගයෙන් ඉන්දියාවට පැනගෙන ඇති බවත්, තවත් පුද්ගලයෙක් සිංගප්පූරුව බලා ගුවන්තොටුපලින්ම පිටව ගොස් ඇති බවය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…