ශ්‍රී ලංකා

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ තීරණය කියයි !

තමා කිසිඳු අවස්ථාවක ජාතික රෝහල තුළ කාර්යාල අඩස්සියට පත් නොවු බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

සේවකයින් කිහිප දෙනෙකු උද්ඝෝෂණය කළ පමණින් තමන් සේවයෙන් ඉවත් වීමට කිසිදු අවස්ථාවක සුදානම් නොමැති බවද නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කොළඹ ජාතික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් මේ වනවිට එම සේවකයින් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

ඒ අනුව එම ප්‍රකාශයට විරෝධය පළ කරමින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැය 06ක පමණ කාලයක් කාර්යාල අඩස්සියේ තබා ගැනීමට සේවකයින් කටයුතු කළ අතර අද දිනයේත් විරෝධතා ක්‍රියාමාර්ගයක් ජාතික රෝහල තුළ ක්‍රියාත්මක වුණි.

මෙහිදී කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් සඳහන් කළේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ජාතික රෝහලේ සේවයට වාර්තා කළහොත් තමන් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවය.

Team CNF

View Comments

  • මෙතුමාගේ සමහර ප්‍රකාශ අනුමත නොකරමි. නමුත් දේශපාලන හෙන්චයියන්ව සේවයට බදවා ගැනීමෙන් රොගින්ට වන හිරිහෑර වලට වග කියන්නේ කවුද ? ගංජා කුඩු තිප්පලක් වන අපේ රටේ ප්‍රධානතම රෝහලේ යම් හඩක් නැගුවේ මෙතුමාය. හෙක්ටර් වීරසිංහ දොස්තර මහතා නායකත්වය උසුලන සමයේ තද විනයක් ජාතික රෝහලේ තිබුනේය. එයින් සහනය ලැබුනේ අසරණ රෝගින්ටය. ඉන්පසු පත්වූ රෝහල් ප්‍රධානින්ගේ යම් දුර්වලකම් නිසා රෝහල් විනය බල්ලාට ගියේය. එයින් අසරණතාවයට පත්වුයේ අසරණ රෝගින්ය. මේබව අප තරයේ මතක තබා ගත යුතුය. අවිනිත දේශපාලන හෙන්චයියන් රෝහලෙන් පන්නා දමා අහිසක රෝගයන්ගේ අයිතින් සුරැකීම නිසි බලධාරින්ගේ වවගකීම වන්නේය.

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago