ඉඩම්, සංචාරක, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාට එරෙහිව නඩු පැවරීම සඳහා, නීති උපදෙස් ලබා ගනිමින් සිටින බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පවසනවා.
ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවට ඉකුත් දා අමාත්‍යවරයා ඉන්දියාවේ දී, කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මෙසේ නීතිමය කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව එහි මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසනවා.
අමාත්‍යවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශය හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවත්, මන්ත්‍රීවරයෙකු වශයෙන් ලබාදෙන දිවුරුම කඩ කර ඇති බවත් පෙන්වා දෙන වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ, අමාත්‍යවරයාගේ ප්‍රකාශය හරහා මෙරට ස්වෛරීභාවය උල්ලංඝනයන කරන බවත් එම හේතු මත අමාත්‍යවරයාට එරෙහිව නුදුරු දිනයක නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.
මේ අතර ඉකුත් දා ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස ද සේවය කළ ආචාර්ය දයාන් ජයතිලක මහතා ද සඳහන් කළේ, “ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බව ඒත්තු ගන්වමින් කළ ප්‍රකාශය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්,” බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…