රාජ්‍ය ප්‍රසම්පාදනයේදී දූෂිත කොන්ත්‍රාත්කරුවන්ගේ අසාදු ලේඛනයක් නොමැති දකුණු ආසියාවේ එකම රට ලංකාව බව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.
වෙරිටේ රිසර්ච් හි නව වාර්තාවකට අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී දූෂණය සහ ප්‍රෝඩාකාරී ක්‍රියාවන්වල නිරතවීම අසාදුගත ලේඛනගත කිරීමට සාධකයක් බව හදුනාගත්තද එවැනි සාධක මත ලැයිස්තුගත කළ ආසාදු ලේඛනයක් නොමැති බව පෙන්වා දී තිබෙනවා.
වගකීම් පැහැර හරිමින් පවතින රෙගුලාසි වලට අනුකූල නොවී ක්‍රියාකරන කොන්ත්‍රාත්කරුවන්ගේ සියලු දත්ත ඇතුළත් දත්ත ගබඩාවක් පවත්වාගෙන යාම සාමාන්‍ය ක්‍රියාවලියක් වුවද ලංකාවේ එවැනි දත්ත ගබඩාවක් නොමැති වීම පුදුමයට කරුණක් බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.
2023 ජූලි මාසය වන විට, නේපාලය දූෂිත කොන්ත්‍රාත්කරුවන්ගේ 629 කගේ ලැයිස්තුවක් සහ බංග්ලාදේශයේ 510 ක් ඇතුළත් ලැයිස්තුවක් යාවත්කාලීන කර තිබුණද ලංකාවේ එම දත්ත පද්ධතියේ කිසිදු දත්තයක් නොමැති බවයි වෙරිටේ රිසර්ච් පෙන්වා දෙන්නේ.
එම සමීක්ෂණ වාර්තාව මෙතැනින් :https://www.veriteresearch.org/publication/sri-lanka-procurement-corruption-gaps/
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…