සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර දෙවැනි පන්දුවාර 20-20 තරගය අද (19) රාත්‍රි 7ට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි පැවැත්වීමට නියමිතයි.
අද උදෑසන සිට දඹුල්ල ප්‍රදේශීය ලේකම් කාර්යාලය අසල විශාල පිරිසක් එක්ව සිටි අතර ඒ ප්‍රවේශපත්‍ර ලබා ගැනීමේ අරමුණින්. ඒ තරග පැවැත්වෙන දිනයන්හී ප්‍රවේශපත්‍ර ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබා ගත හැකි බව ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබූ පසුබිමකයි.
නමුත් අද සහ අනිද්දා තරගයේ සියලු ප්‍රවේශපත්‍ර මේ වනවිට අලෙවි වී අවසන් ඇති බව ක්‍රිකට් ආයතනය ඊයේ (19) නිල වශයෙන් නිවේදනය කලා. එහෙත් මහජනතාව දඹුල්ල ප්‍රදේශීය ලේකම් කාර්යාලය අසලට ප්‍රවේශපත් සොයා එක් වීමත් සමග එහි උණුසුම් තත්වයක් මතුවුණා.
එහිදී දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගේට්ටු කඩාගෙන මහජනතාව ප්‍රදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයට පැමිණීමත් සමගින්. කෙසේ වෙතතත් මෙම තත්ත්වය පාලනය කිරීමට එහි සිටි පොලිස් නිලධාරීන්ට හැකියාවක් ලැබුනේ නෑ.
කෙසේ වෙතත් මහජනතව අදහස් දක්වමින් චෝදනා කරන්නේ ඇතැම් පුද්ගලයන් විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් රුපියල් 200 ප්‍රවේශපත් මිලදී ගෙන පිටතදී එය රුපියල් 1000ක මිලකට විකුණන බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
බොරුවට ටිකට් හිගයක් පෙන්වලා මුන් බලන්නේ තාම රටේ ගොන්නු ඉන්නවද කියලා.සoතෝසයි කියන්ට.තව ඉන්නවා.