ශ්‍රී ලංකා

මාව බිත්තියට හේත්තු කරලා වැඩ වරද්දගන්න එපා..අවශ්‍යනම් වෛද්‍යවරයෙක්ට චණ්ඩියෙක් වෙන්න පුලුවන් – බෙල්ලන රෝහලේ චන්ඩින්ට අවවාද කරයි !

රටේ ප්‍රධානම ජාතික රෝහල වනසන කුඩු කාරයින්ට එරෙහිව අවශ්‍යනම් වෛද්‍යවරයෙකුට චණ්ඩියෙක් විය හැකියි… මේ චණ්ඩි ගැන දුකයි.

බෙල්ලන කියයි!


තමන්ගේ කාර්යාල වටකරනු ලැබුවේ රෝහල තුළ කුඩු ජාවාරම කරන වෘත්තීය සමිතියක නායකයෙක් විසින් අයිස් මත්ද්‍රව්‍ය පොවා එවු කුඩා කණ්ඩායමක් වටා එක්වුන පිරිසක් බවත්, මේ කණ්ඩායමට අවශ්‍ය ආකාරයට තමන් සිය ධූරය අත් නොහරින බවත් ජාතික රෝහලේ නියෝජය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන පවසයි.


රෝහලේ වෛද්‍යවරුන් හා හෙද කාර්ය මණ්ඩලය යම් දවසක තමන් එපා යැයි පැවසුවහොත් ඉල්ලා අස්වනු මිස රෝහල විනාශ කරනා මෙවැනි කුඩුකාරයින් 200ක් 300ක් එක්ව කරන කෑ ගැසීම තමන් කිසිතේම නොතකන්නේ යැයි ද ඔහු පැවසුවේය. තවද වෛද්‍යවරයා පවසන්නේ මේ රැස්වුන පිරිස් කවරෙක් දැයි තමන් මුහුණුවලින්ම හඳුනාගෙන ඇති බවත් අයිස් පානය කර පැමිණි මේ පුද්ගලයින් ගැන ඇතිවන්නේ දුකක් බවත් ය.

ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මේ බව පවසන්නේ ටෲත් විත් චමුදිත යූටියුබ් නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

මෙහි දී තවදුරටත් අදහස් දක්වන වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කියන්නේ  තමන් බය යනු කුමක් දැයි නොදන්නා පුද්ගලයෙක් බවය. දේශපාලනයේ ඉහළම තැන්වල සිට පාතාලයේ නරකම තැන් දක්වා සම්බන්ධකම් ඇති තමන්ට මේ  චණ්ඩින් යැයි සිතාගෙන ඉන්නා අය ගැන කණගාටු හිතෙන බව ඔහු කීවේය.

තමන්ට යම් හෝ අනතුරක් කර හොඳින් ඉන්නට නොසිතන ලෙසත් ඔහු එම පිරිසට දන්වා සිටියේය. වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන අවධාරණය කරන්නේ ජාතික රෝහල වැනි මහා විශාල ජාතික කාර්යයක් කරන තැනක් අවුල් කරන්නට උත්සාහ කරනා කුඩු කාරයින්ට එරෙහිව අවශ්‍යනම් වෛද්‍යවරයෙකුටත් චණ්ඩියෙක් විය හැකි බවය.

එබැවින් තමන්ව බිත්තියට හේත්තු නොකරන ලෙස ඔහු ජාතික රෝහලේ සුළු සේවක කාර්ය මණ්ඩලයට අවවාද කළේය.

Team CNF

View Comments

  • ජාතික රෝහලේ කුඩ්ඩන්ට එරෙහිව කතා කරන ඔබතුමාට මාගේ ප්‍රණාමය අහිසක රෝගීන්ගේ අයිතින් වෙවෙනුවෙන්

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago