ශ්‍රී ලංකා

වැටලීම් සිදුකරන පොලිසිය හපා කන්න මුර බල්ලන් 4ක් සිටින කුඩු සලිඳුගේ බලකොටුව අල්ලපු මෙහෙයුම මෙන්න – රහස් පෙදෙසේ කුඩු සඟවාගත් පැට්ට අක්කත් මාට්ටු !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් නියෝග යටතේ අත්අඩංගුවේ පසුවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පානදුර කුඩු සලිඳුගේ මත්ද්‍රව්‍ය ජාලය ඩුබායි සිට මෙහෙයවන අසිත නමැත්තාගේ ඥාති සහෝදරියක වන පැට්ටා අක්කා නමැත්තිය හොරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 10571ක්, ජාවාරමින් උපයාගත් රුපියල් 22 ලක්ෂ 47,450ක් සමඟ පානදුර මහවිල මාදුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය පවසනවා.

සැකකාරිය විකිණීම සඳහා මත්ද්‍රව්‍ය රැගෙන එන බවට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව පොලිස් සැරයන් 428 ජයලාල් මහතා ඇතුළු බුද්ධි නිලධාරීන් යොදවා අනාවරණය කර ගත් තොරතුරු අනුව මෙම වැටලීම සිදු කර තිබෙනවා.

සැකකාරිය මහවිල මාදුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලිස් කාන්තාවක ලවා සැකකාරිය පරීක්ෂා කිරීමේ දී රහස් ප්‍රදේශයේ සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය ප්‍රමාණය සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය පවසන්නේ.

මේ අතර වැටලීම සඳහා පැමිණෙන පොලිස් නිලධාරීන්ට සපා කෑම සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද දරුණු ගණයේ සුනඛයන් සිව් දෙනෙකුද නිවසේ මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන යාම සඳහා ආරක්ෂාව වෙනුවෙන් ඇති බව පොලිසිය පවසනවා.

මීට පෙර අවස්ථාවක දී අත්අඩංගුවට ගැනීමට පැමිණි සාජන් මේජර්වරයෙකු සපාකා තුවාල කිරීම සඳහා සම්බන්ධයෙන් මෙම කාන්තාවට එරෙහිව පානදුර අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවතින අතර සැකකාරියට එරෙහිව මත්කුඩු ළඟ ලබා ගැනීම සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩු දෙකක්ද විභාග වෙමින් පවතින බවයි පැවසෙන්නේ.

ඊට අමතරව පැමිණෙන පොලිස් නිලධාරින් දුර සිට නිරීක්ෂණය කිරීම සඳහා යොදවා තිබූ අතර වැටලීම සඳහා පැමිණෙන පොලිස් නිලධාරීන්ට ක්ෂණිකව නිවසට ඇතුළු වීම වැළැක්වීම සඳහා නිවස වටා පිහිටි තාප්පය හා සම්බන්ධ කර යකඩ වැටක් යොදා ඇති බවයි වාර්තාවන්නේ.

කුඩු සලිඳුගේ මත්ද්‍රව්‍ය ජාලයේ මත්ද්‍රව්‍ය අරන් කිරීම සම්බන්ධයෙන් මෙම සැකකාරියගේ පියා ස්වාමිපුරුෂයා සහ වැඩිමල් සහෝදරයාද මේ වන විටත් පොලිස් අත්අඩංගුවේ පසුවෙන අතර අත්අඩංගුවට ගත් 26 හැවිරිදි සැකකාරිය පානදුර පින්වත්ත පොලිසි ස්ථානය වෙත ඉදිරිපත් කරන රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිතයි.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

24 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago