ශ්‍රී ලංකා

වැඩ බලන පොලිස්පති ධූරය අවසන් වීම​ට දවස් දහයයි – ටිරාන් හා දේශබන්දුට මරණ තර්ජන!

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අයට මරණ තර්ජන එල්ල වී ඇති බවට රහස්‍ය බුද්ධි වාර්තාවක් හෙළිකර තිබෙන බව සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කරනවා.

ඊට අමතරව, ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති, ඔවුන් ගේ ධූරවලින් ඉවත් කිරීමේ සැලැසුමක්ද ක්‍රියාත්මක වෙමින් පවතින බව එකී බුද්ධි වාර්තාව හෙළි කර තිබෙන බව සිලෝන් ටුඩේ පුවත්පත සඳහන් කරනවා.

ඒ සදහා දැවැන්ත මුදල් ප්‍රමාණයක්ද මෙම ජාවාරම්කරුවන් විසින් වෙන්කර තිබෙන බවද සඳහන්.

මෙම මුදල්, සිය අරමුණ සාක්ෂාත් කර ගැනීම සදහා එකී ජාවාරම්කරුවන් විසින් දේශපාලනඥයන් සහ ඉහළ නිළධාරීන් අතර බෙදා හැරීමට සැලසුම් කර තිබෙන බව බුද්ධි වාර්තාව වැඩිදුරටත් සදහන් කරනවා.

කෙසේ හෝ දැනට ක්‍රියාත්මක වන යුක්තිය මෙහෙයුම නවතා දැමීම මෙම ජාවාරම්කරුවන්ගේ අරමුණ බව බුද්ධි වාර්තාව පවසනවා.

කෙසේ වෙතත් තව දින 10 කින් දේශබන්දු තෙන්නකෝන් මහතාට මාස 03 ක් සඳහා ලබා දුන් වැඩබලන පොලිස්පති ධූරය අවසන්වීමට නියමිතයි

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago