ශ්‍රී ලංකා

දේශබන්දු සහ රෝහිත හොරු බව ප්‍රකාශ කරමින් කාන්තාවක් ෆේස් බුක් තුළ පෝස්ට් පල කරලා – තමාගේ වරප්‍රසාද කඩ වූ බවට රෝහිතගෙන් චෝදනා

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ කාන්තාවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ සටහනක් හේතුවෙන් තමාගේ වරප්‍රසාද කඩ වී ඇති බැවින් ඇය වරප්‍රසාද කමිටුව හමුවට ගෙන්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අද (21) පාර්ලිමේන්තුවේ දී කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.


පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අබේගුණවර්ධන කියා සිටියේ තමා සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හොරු බවත් වහාම අත්අඩංගුවට ගත යුතු බවත් එම සමාජ මාධ්‍ය සටහනේ තිබුණු බවය.

තමන්ගේම ෆේස්බුක් ගිනුම හරහා මෙම කාන්තාව තැබූ සටහන තමනව බරපතල ලෙස අපහාසට ලක් කර ඇති බවත් සටහන තැබූ කානන්තාව මුලු කළුතරම දන්නා වර්ෂ 2015 දී මැතිවරණයටත් එක් වුන කාන්තාවක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

“  මේ කාන්තාවගෙ නම ලලන්ති පෙරේරා… කේක් නෝනා කිව්වම මුලු  කළුතරම දන්නවා..”

ඔහු කිවේය.

මන්ත්‍රීවරයා කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තමාගේ වරප්‍රසාද මෙම “පොස්ට් එක” හරහා උල්ලංඝණය වී ඇතිවා පමණක් නොව තමන් ජිවිත තර්ජන අවදානමක පසුවන බවය.

මන්ත්‍රීවරුන් 225 දෙනාම මෙවැනි මඩ ප්‍රචාරවලට එරෙහිව නැගී සිටිය යුතු බවත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග නොගන්නේ නම් මාර්ගත ක්‍රම පිළිබඳ ආරක්ෂණ පනත පැනවීම තේරුමක් නැති බවත් ඔහු පැවසීය.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago