ශ්‍රී ලංකා

වතුර හරවන්න ගිය ගොවියාට T-56න් ඔලුවට පහර දීලා – නොච්චිකුලම උණුසුම් කරමින් ගම්මුන් වීථි බසිති !

මන්නාරම නොච්චිකුලම ප්‍රදේශයේ ගොවියකුට පුද්ගලයෙක් විසින් ටී-56 වර්ගයේ ගිනිඅවියකින් පහර දී පලා යාමේ සිද්ධියකට විරෝධය පළ කරමින් එම ගම්මානයේ වැසියෝ මැදවච්චිය – මන්නාරම් ප්‍රධාන මාර්ගය නොච්චිකුලම ප්‍රදේශයෙන් අවහිර කොට විරෝධතාවයක නිරත වී තිබෙනවා.

සිය කුඹුරට වතුර හරවමින් සිටිය දී ගොවියාට පහර දුන් පුද්ගලයා ගිනිඅවිය ඒ මේ අත හැරවීමේ දී ගිනි අවිය ක්‍රියාත්මක වී වෙඩිල්ලක් පත්තු වූ බවද පහර කෑමට ලක් වූ ගොවියා ප්‍රකාශ කරයි.

තමන්ට එම පුද්ගලයා පහර දෙන ලද්දේ කවර හේතුවක් මත දැයි තමන් නොදන්නා බවත් ප්‍රහාරයට පැමිණි අයව තමන් නොහඳුනන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

මෙම පහර කෑමෙන් තුවාල ලැබූ ඔහු මුරුන්කන් රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබන අතර මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් නොච්චිකුලම ගම්මානයේ වැසියෝ විරෝධතාවයේ නිරත වී තිබෙනවා.

මෙම විරෝධතාවය නිසා මැදවච්චිය මන්නාරම් මාර්ගයේ වාහන ගමනාගමනය පැය හතරක පමණ කාලයකට නතර වී තිබූ අතර, පොලිසිය පැමිණ විරෝධතාකරුවන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව ගම්වාසීහු විරෝධතාවය අතහැර දමා තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා උයිලන්කුලම පොලිසිය පරීක්ෂණ ආරම්හ කොට තිබෙනවා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago