සිඩ්නි ඔපෙරා හවුස් අසලදී සිව් දෙනෙකුට අකුණු සර එල්ල වෙයි!

ගිගුරුම් සහිත කුණාටුවක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ඔපෙරා හවුස් අසලදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් සිව්දෙනකු රෝහල්ගත කර තිබේ.

සිඩ්නි උද්භිද උද්‍යානයට ඇතුල්වන ස්ථානයේ ගසක් යට සිටි පිරිමි පුද්ගලයන් දෙදෙනකුට සහ කාන්තාවන් දෙදෙනකුට මෙසේ අකුණු සැර වැදී තිබේ.

සිඩ්නි නගරය පැවැති අධික වර්ෂාව හේතුවෙන් විශාල විදුලිය ඇනහිටීම්ද සිදුව තිබේ.

අකුණු සැර වැදීමෙන් තුවාල ලැබූවන් පිළිස්සුම් තුවාල ලබා ඇති අතර, හෘදය ආශ්‍රිත රෝග ලක්ෂණ මෙන්ම සිහි නැතිවීම් ද සිදුව තිබෙනවා.

එක් පිරිමි පුද්ගලයකු සහ අවුරුදු 20ක කාන්තාවක් රාජකීය ප්‍රින්ස් ඇල්ෆ්‍රඩ් රෝහලට ද, අවුරුදු 30ක පිරිමි පුද්ගලයකු සහ කාන්තාවක් ශාන්ත වින්සන්ට් රෝහලට ඇතුලත් කොට ඇති අතර, ඔවුන් සිව් දෙනාම මේ වන විට ස්ථාවර තත්ත්වයේ පසුවන බව වාර්තා වේ.

එමෙන්ම රාජ්‍ය හදිසි සේවා සහ කාලගුණ විද්‍යා කාර්යාංශය (BoM) ද හදිසි ගංවතුර පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

බලපෑමට ලක්විය හැකි ස්ථාන ලෙස Newcastle, Scone, Armidale, Inverell, Bundarra සහ Quirindi ස්ථාන නම් කොට තිබේ

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

1 day ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago