රියදුරෙකු නොමැතිව දුම්රියක් කිලෝමීටර් 70ක් ධාවනය වෙයි (VIDEO)

භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් රියදුරෙකු නොමැතිව කිලෝමීටර් 70කට වැඩිදුරක් ධාවනය වූ සිදුවීමක් ආසන්න ඉන්දියාවෙන් වාර්තා වෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තාකරන අන්දමට පසුගිය 25 වැනිදා ජම්මු කාශ්මීරයේ කතුවා සිට පන්ජාබ් හි හෝෂියාර්පූර් දක්වා ධාවනය වූ දුම්රියකුයි මෙලෙස රියදුරෙකු නොමැතිව ධාවනය වී ඇත්තේ.

කෙසේ හෝ දුම්රිය නවත්වා ගැනීමට නිලධාරීන් සමත්ව ඇති බවත්, ඉන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බවත් එම වාර්තාවල සඳහන්.

ගල් කැබලි රැගත් වැගන් 53 නම් දුම්රිය ජම්මු සිට පන්ජාබ් වෙත යමින් සිටියදී කාර්ය මණ්ඩලයේ වෙනසක් සඳහා කතුවා හි නවත්වා තිබෙනවා.

අනතුරුව දුම්රිය රියදුරු සහ ඔහුගේ සහායකයා දුම්රියෙන් පිටතට පැමිණ ඇති අතර, බෑවුමක් සහිත එම ප්‍රදේශයේදී දුම්රිය ධාවනය වීමට පටන් ගෙන ඇති බවයි නිලධාරීන් පවසන්නේ.

පැයට කිලෝමීටර් 100කට ආසන්න වේගයකින් ගමන් ගත් දුම්රිය නැවතුම්පොළවල් පහක් පමණ පසු කර තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන්නට නියෝග කර ඇති බව‍යි සඳහන්.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

1 day ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago