ශ්‍රී ලංකා

මාර්තු 4 සිට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවා ඩිජිටල්කරණය වෙයි – එම ආයතනයෙන් විශේෂ දැනුම්දීමක් !

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා ලබා ගන්නා සේවාවන් ලබන මස 4 වනදා සිට ඩිජිටල් ක්‍රමවේදයකට සිදු කෙරෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ අනුව එළැඹෙන මාර්තු මස 04 වනදා සිට දිවයිනේ පිහිටි ඕනෑම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලකින් සේවාවන් ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් කලින් වෙන්කර ගැනීම අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදි ඔහු ප්‍රකාශ කළේ ඒ සඳහා ස්වයංක්‍රීය දුරකථන අංකයක් හා වෙබ් අඩවියක් හඳුන්වා දි ඇති බවය.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ,

“ලබන සඳුදා සිට ඒ කියන්නේ මාර්තු 4 වනදා ඉඳලා අපේ ලංකාවේ තියෙන සියලුම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයිති කාර්යයන් ඉටුකරන කාර්යාලවලට පැමිණෙන සියලුම සේවාලාභීන් අනිවාර්යයෙන්ම තමාට අදාළ වේලාවක් ඒ අදාළ දිනය තුළ වෙන්කරගෙන අදාළ කාර්යය සඳහා පැමිණීම අනිවාර්යය වෙනවා. මේකට ස්වයංක්‍රීය දුරකථන අංකයක් අපි හඳුන්වා දීලා තියෙනවා. මේ දුරකථන අංකය වෙන්නේ 2 117 116 කියන එක. තමන්ට අවශ්‍ය සේවාව ලබාගැනීම තෝරාගත්තාට පස්සේ අවසානයේදී තමන්ගේ දුරකථන අංකය සහ හැඳුනුම්පත් අංකය තෝරාගන්න තියෙනවා. ඇතුළත් කරාම ඔබතුමාලට සෑම කෙනෙකුටම ඔබතුමාලාගේ තියෙන දුරකථන අංකයට කෙටි පණිවුඩයක් හම්බවෙනවා අදාළ කාර්යය සඳහා පැමිණිය යුතු දිනය වෙලාව සහ ස්ථානය සඳහන් වෙලා. ඊට අමතරව අපි වෙබ් අඩවියක් හඳුන්වාදීලා තියෙනවා www.dmtappointments.dmt.gov.lk කියලා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago