අභාවප්‍රාප්ත හිටපු මුදල් අමාත්‍ය රොනී ද මැල් ගේ අවසන් කටයුතු සඳහා ඊයේ පැමිණි අගමැතිවරයා රැගත් හෙලිකොප්ටරය, මාතර – කොටුව ක්‍රීිඩාංගනයට ගොඩ බැස්සවීමට යාමේදී සිදු වු දෝෂයක් හේතුවෙන් මාතර තානායමට හානි සිදුව තිබෙනවා.
අදාළ අවස්ථාවේ පැවති දැඩි සුළං හෙලිකොප්ටරය දෝෂයට ලක්වීමට හේතුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. කෙසේ වෙතත් එම සිද්ධිය සිදුවන අවස්ථාවේදී මාතර තානායමේ ආහාරපාන ලබාගැනීම සඳහා පැමිණ සිටි ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්, දේශීය හා විදේශීය සංචාරකයින්ද අපහසුතාවට පත්වුණා.
නිසි ආකාරයට හෙලිකොප්ටරය ගොඩ බැස්සවීමට අපොහොසත්වීම ගැන දෙස් විදෙස් සංචාරකයින් සිය විරෝධය පල කර තිබුණා.
සිද්ධියෙන් මාතර තානායමේ කළමනාකරුගේ මෝටර් රථයටද හානි සිදුව තිබෙනවා.
කෙසේ වෙතත් මෙම අනතුර සම්බන්ධයෙන් දෙපාර්ශවය එකඟතාවය පැමිණ ඇති බවයි මාතර පොලිසිය සඳහන් කළේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…