මාතර – පෞද්ගලික ඉස්ලාම් බාලිකා විද්‍යාලයක නේවාසිකාගාරයේ ඊයේ හවස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනව.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න සම්පූර්ණයෙන්ම මැඬ පැවැත්වීමට කටයුතු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මාතර වැලිගම ප්‍රදේශයේ පිහිටි හෆ්සා කාන්තා අරාබි විද්‍යාලයේ නේවාසිකාගාරයේ මෙම ගින්න හටගෙන තිබුණේ ඊයේ පස්වරු5.30ට පමණ.
එම අවස්ථාවේ දී එහි සිසුවියන් 150කට ආසන්න පිරිසක් සිට ඇති අතර ඔවුන් කඩිනමින් ඉන් ඉවත් කර ගැනීමට පාසල් බලධාරීන් සමඟ එක්ව ප්‍රදේශවාසීන් කටුයුතු කර තිබෙනවා.
ගින්නෙන් නේවාසිකාරයේ තුන් වැනි සහ සිව්වැනි මහල් දෙකම සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර එහි තිබූ ඇඳන් සියල්ල ද ගිනිගෙන විනාශ වී තිබුණි.
ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර ගින්නට හේතුව මේ වන තෙක් අනාවරණය වී නැහැ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…