ශ්‍රී ලංකා

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක් – වෘත්තීය සමිති කිහිපයක් එක්වෙයි !

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය වර්ජනයක් ආරම්භ කිරීමට සැලැසුම් කර තිබෙනවා.

ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු සංගමයේ සභාපති චන්දන ලාල් මහතා මේ බව ප්‍රකාශ කළා.

අදාළ වැඩ වර්ජනය තවත් වෘත්තිය සමිති කිහිපයක් එක් වන බව සඳහන්.

ඒ අනුව දුම්රිය රියදුරු සංගමය දුම්රිය නියාමක සංගමය සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන්ගේ සංගමය මෙම වැඩ වර්ජනයට එක්වනු ඇති.

මේ අතර අද (05) පැවැත්වීමට නියමිතව තිබූ ජාතික දුම්රිය සේවා සමිතියේ 22වන නියෝජිත සංවත්සර මහා සභා රැස්වීම හා නිලවරණයට වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින්.

අදාළ නිලවරණය නීතිවිරෝධී අන්දමින් කැඳවා ඇති බවට චෝදනා කරමින්, අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා.

බි.එම්.ඒ.සුදත් ධම්මික මහතා ඇතුළු සාමාජිකයින් දෙදෙනෙකු මෙම පෙත්සම ගොනු කර ඇති බව සඳහන්.

එහි දී වගඋත්තරකරුවන් කර තිබුණේ, සමිතියේ නියෝජ්‍ය සභාපති එස්.ඒ පි.පි.වීරසිංහ මහතා,සමිතියේ ලේකම් නිහාල් ගුණරත්න යන මහත්වරුන්.

කරුණු සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරයා විත්තිකරුවන්ට අතුරු තහනම් දැන්වීම් හා නොතීසි නිකුත් කරමින් ලබන දහ අටවැනි දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසට නියෝග කළා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago