ආර්ථික

මහ බැංකුවේ මහ පඩි ලැයිස්තුව අගමැති හෙළි කරයි!

මහ බැංකුවේ නව වැටුප් වැඩිවීමට අනුව එහි කාර්යාල සහායකයෙකුගේ මාසික දළ වැටුප රුපියල් එක්ලක්ෂ අසූඅට දහසක් දක්වා ඉහළ නංවා ඇති බව අද පාර්ලිමේන්තුවේදී අනාවරණ විය.

ඒ එම වැටුප් වැඩිවීම් අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරනු ලැබූ අවස්ථාවේදීය.

මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකුගේ මාසික දළ වැටුප රුපියල් නව ලක්ෂයේ සිට රුපියල් 17 ලක්ෂය දක්වාද වැඩිකර ඇති බවත් එහිදී අනාවරණ විය.

ඒ අනුව ශ්‍රී ලංකා මහබැංකුවේ වැටුප් වැඩිවී ඇත්තේ කෙසේ ද යන්න අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට පැහැදිළි කළේය. කාර්යාල සහායක පන්තියේ පළමු ශ්‍රේණියේ සේවකයෙකුගේ මාසික දළ වැටුප රුපියල් එක්ලක්ෂ හතළිස් පන්දහස් හත්සිය හැත්තෑ තුනකි. නව වැටුප් වැඩිවීමත් සමග එය රුපියල් එක්ලක්ෂ අසූඅට දහස් අටසිය විසිහතක් දක්වා ඉහළ යයි. එය රුපියල් හතළිස්තුන්දහස් පනස් හතරක වැඩිවීමකි.

එමෙන්ම එම කාණ්ඩයේ දෙවැනි සහ තෙවැනි ශ්‍රේණි සඳහා ද වැටුප් වැඩි වී ඇති අතර කාර්යාල සහායක තුන්වැනි පන්තියේ සේවකයෙකුගේ මාසික දළ වැටුප රුපියල් එක්ලක්ෂ හැටහතර දහස් හයසිය තිස්හතරේ සිට රුපියල් දෙලක්ෂ විසිතුන්දහස් හත්සිය හැට තුනක් දක්වා ඉහළ ගොස් තිබේ. එය රුපියල් පනස් නවදහස් එකසිය විසි නවයක වැඩිවීමකි.

කළමනාකාර සහකාර පන්තියේ ශ්‍රේණි 05ක් සඳහා ද වැටුප් වැඩිකර තිබේ.

එහි පළමු පන්තියේ නිලධාරියෙකුගේ පෙර පැවති මාසික දළ වැටුප රුපියල් එක්ලක්ෂ හැත්තෑ තුන්දහස් නවසිය පනස් තුනකි. එය රුපියල් දෙලක්ෂ හතළිස් එක්දහස් හයසිය විසි තුනක් දක්වා ඉහළ නංවා ඇති අතර එය හැටහත්දහස් හයසීය හැත්තෑවක වැඩිවීමකි.

කළමනාකාර සහකාර පන්තියේ පස්වැනි ශ්‍රේණියේ නිලධාරියෙකුගේ පෙර පැවති මාසික දළ වැටුප රුපියල් දෙලක්ෂ හැත්තෑ දෙදහස් අටසිය නවයක් වන අතර එය රුපියල් හාරලක්ෂ විසි එක්දහස් එකසිය අසූ හතරක් දක්වා ඉහළ නැංවෙයි.

එම වැඩිවීම රුපියල් එක්ලක්ෂ හතලිස් අටදහස් තුන්සිය හැත්තෑපහක මුදලකි. එමෙන්ම ඉහළ ප්‍රතිශතවලින් වැටුප් ඉහළ නැංවුණු තවත් කාණ්ඩයක් වන්නේ මාණ්ඩලික පන්තියයි.

එහි පළමු ශ්‍රේණියේ නිලධාරියෙකුගේ පෙර පැවති මාසික දළ වැටුප රුපියල් තුන් ලක්ෂ තිස්එක්දහස් පන්සිය හැත්තෑ හතරකි. මෙම වැටුප් වැඩිවීමත් සමග එය රුපියල් පන්ලක්ෂ විසිහයදහස් හයසිය හතළිස් අට දක්වා ඉහළ ගොස් තිබේ.

එලෙස ඉහළ ගිය ප්‍රමාණය රුපියල් එක්ලක්ෂ අනූපන්දහස් හැත්තෑ හතරකි.

එම මාණ්ඩලික පන්තියේ තවත් ශ්‍රේණි හතරක් සඳහා ද වැටුප් ඉහළ නංවා තිබේ. ඒ අනුව මාණ්ඩලික පන්තියේ සිව්වැනි ශ්‍රේණියේ නිලධාරියෙකුගේ මාසික දළ වැටුප රුපියල් හයලක්ෂ හයදහස් දෙසිය විසිහතේ සිට රුපියල් දසලක්ෂ හතළිස් නවදහස් හාරසිය තිහක් වැනි ඉහළ අගයක් දක්වා වැඩි වී ඇති අයුරු දැක ගත හැකිය.

එය රුපියල් හාරලක්ෂ හතලිස් තුන්දහස් දෙසිය තුනක වැඩි වීමකි. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මාණ්ඩලික පන්තියේ විශේෂ ශ්‍රේණිය යටතේ සහාකාර අධිපතිවරයෙකුගේ වැටුප වැඩි වී ඇත.

ඒ අනුව රුපියල් හත්ලක්ෂ දහසය දහස් හත්සිය හැත්තෑ තුනක් වු සහාකාර අධිපතිවරයෙකුගේ පෙර පැවති මාසික දළ වැටුප රුපියල් දොළොස් ලක්ෂ හැටහත් දහස් එකසිය හැත්තෑවක් දක්වා ඉහළ නංවා තිබේ. එය රුපියල් පන්ලක්ෂ පනස් දහස් තුන්සිය අනු හතක වැඩිවීමකි.

මාණ්ඩලික පන්තිය යටතේ මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකුගේ පෙර පැවති මාසික දළ වැටුප රුපියල් නව ලක්ෂ හැත්තෑ හයදහස් හයසිය හැට දෙකක් වූ අතර නව වැටුප් වැඩිවීමත් සමග එම මාසික දළ වැටුප රුපියල් දාහත් ලක්ෂ විසිඅටදහස් හාරසිය දහනවයක් දක්වා ඉහළ නංවා තිබේ.

එම වැටුප් වැඩි වීම රුපියල් හත්ලක්ෂ පනස් එක්දහස් හත්සිය පනස් හතකි. එමෙන්ම සහාකාර අධිපතිවරයෙකුගේ පෙර පැවති මාසික මූලික වැටුප ද ඉහළ අගයකින් වැඩි කර ඇති අයුරු දැකගත හැකිය.

සහාකාර අධිපතිවරයෙකුගේ පෙර පැවති මාසික මූලික වැටුප රුපියල් හාරලක්ෂ තිස්හතර දහස් හැත්තෑ පහක් වූ අතර එය රුපියල් අටලක්ෂ දොළොස් දහස් අනුපහක් දක්වා රුපියල් තුන්ලක්ෂ හැත්තෑ අටදහස් විස්සකින් වැඩිකර තිබේ.

එමෙන්ම නියෝජ්‍ය අධිපතිවරයෙකුගේ පෙර පැවති මාසික මූලික වැටුප රුපියල් පන්ලක්ෂ අසූ හතර දහස් හත්සිය හැත්තෑ පහකි. එම මූලික වැටුප රුපියල් එකොළොස් ලක්ෂ පන්දහස් හතළිස් පහ දක්වා ඉහළ නංවා ඇත්තේ රුපියල් පන්ලක්ෂ විසිදහස් දෙසිය හැත්තෑවක් වැනි ඉහළ අගයකිනි.

Ceylon News Factory

View Comments

  • E unata gana hadapuwama assistant kenekta maseta 1000$ wath padiyak nane rate anith minissunge padi gana katha nokara imu wena ratawala awa watupa 1500$ wath wenawa monawada me ratawal

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago