ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන 20යි 20 ක්‍රිකට් තරගය කඩුලු 8කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වුණි.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවි ලකුණු 165ක් ලබාගත්තේය.
එම ඉනිම වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් ලකුණු 37ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 36ක් ලබා ගැනීමට සමත්වුණි.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 18යි එක් පන්දුවක් තුළ කඩුලු දෙකක් පමණක් දැවි ලකුණු 170ක් ලබාගනිමින් ජයග්‍රහණය වාර්තා කළේය.
එම ඉනිම වෙනුවෙන් නජ්මුල් හොසෙයින් ෂැන්ටෝ නොදැවී ලකුණු 53ක් ලබා ගැනීමට සමත් වුණි.
ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් යුත් 20යි 20 තරගාවලිය තරග එකට එකක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසු වේ.
මෙම තරගයේ හතර වන පන්දුවාරයේ පළමුව පන්දුවේ දී ප්‍රධාන විනිසුරුවරයා ලබාදුන් දැවීයාමේ තීන්දුව තෙවන විනිසුරුවරයා නොදැවී යාමක් ලෙස ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා සඳහන් කළේ, තරග තීරකවරයා හරහා අදාළ පැමිණිල්ල සිදුකිරීමට බලාපොරොත්තු වන බවය.
ඉනිමේ පළමු කඩුල්ල සිව්වැනි පන්දුවාරයේ පළමු පන්දුවෙන් දවා ගැනීමට (ලකුණු 28 දී) ශ්‍රී ලංකාවට අවස්ථාවක් උදා වූ නමුත්, තෙවන විනිසුරු ලබා දුන් මතභේදාත්මක තීන්දුවක් හේතුවෙක් ශ්‍රී ලංකාවට එම අවස්ථාව අහිමි වී ගියා.
සෞම්‍ය සාකාර් ලකුණු 14 ක් ලබා සිටියදී ඔහු කඩුලු රකින්නා අතට උඩ පන්දුවක් ලබා දී දැවී ගිය බවට පිටියේ විනිසුරු විසින් තීන්දු කළ නමුත්, සාකාර් විසින් එම තීන්දුව විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය ඔස්සේ අභියෝගයට ලක් කළා.
පන්දුව පිත්ත පසු කරනවාත් සමගම ශබ්ද තරංගයක් පුනරූපනවලදී ද දැක ගත හැකි වූ නමුත්, තෙවන විනිසුුරු එය නොදැවී යාමක් ලෙසයි තීන්දු කළේ.
එම විනිසුරු තීන්දුවට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැඩි විරෝධයක් පළ කළ අතර, ඒ හේතුවෙන් තරගය යළි ආරම්භ කිරීම ද මිනිත්තු කිහිපයකින් ප්‍රමාද වුණා.
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…