IMF දෙවන සමාලෝචනය වෙනුවෙන් ජනපති අද IMF නියෝජිතයින් හමුවෙයි !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකයට අදාළ සමාලෝචන කටයුතු අද (07) ආරම්භ කිරීමට නියමිතව තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සමාලෝචන කටයුතු ආරම්භ කිරීමට නියමිත බවය.

ඒ අනුව සති දෙකක පමණ කාලයක් සමාලෝචන කටයුතු පැවැත්වීමට නියමිත බව “මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

පෙරවරුවේ ජනාධිපතිවරයාව මුණගැහිලා, මේ ආරම්භක හමුව පවත්වලා, ඔවුන් ඒ සඳහා අවශ්‍ය නිලධාරීන්, අනෙකුත් ආයතන සමග සති දෙකක කාලයක් දීර්ඝව සමාලෝචනය සිදුකරයි. ඉතාම හොඳින් මේ සමාලෝචනය අවසන් කරාට පස්සේ, අපිට තුන්වන වාරිකය ලබාගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පූර්ණ කරන්න. එය ජූනි මාසයේ පමණ වෙද්දි ලබාගැනීමේ හැකියාවක් තියෙයි. නමුත් ඒ සඳහා සම්පුර්ණ කළ යුතු දීර්ඝ සමාලෝචනයට සාර්ථකව මුහුණදීමට තමා අපි බලාපොරොත්තු වෙන්නේ. මේ වෙද්දි වාරික දෙකක් ලැබිලා තියෙනවා. පළමු වාරිකය ඩොලර් මිලියන 330ක් හා දෙවන වාරිකයක් ඩොලර් මිලියන 330ක් ලැබිලා තියෙනවා. තුන්වන වාරිකයත් එවැනිම මුදල් ප්‍රමාණයක්.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago