බංගලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට ළහිරු කුමාර කැඳවා ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ඒ, ආබාධයකට ලක් ව සිටින වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු වෙනුවෙන්.
ආබාධ තත්ත්වයක් හේතුවෙන් දෙරට අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අහිමි වූ පැතුම් නිස්සංක කණ්ඩායමට කැඳවා ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.
ඒ අනුව අදාළ කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස් හට හිමිව ඇති අතර චරිත් අසලංක උපනායකයා ලෙස කටයුතු කරනු ලබනවා.
අවිශ්ක ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මධුෂාන්, මහීෂ් තීක්ෂණ, දිල්ෂාන් මධුසංඛ, කමිඳු මෙන්ඩිස්, අකිල ධනංජය, සහන් ආරංච්චිගේ සහ චාමික කරුණාරත්න කණ්ඩායමට එක් කිරීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ.
විස්සයි විස්ස සංචිතයේ නොසිටි ක්‍රීඩකයින් හෙට දිනයේ දී බංගලාදේශ බලා ගමනු කර ඇති.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…