තම සේවකයන්ගේ වාර්ෂික දිරි දීමනා කප්පාදු කළ බව පවසමින් සෙවනගල සීනි කම්හලේ සියලු සේවකයෝ ඊයේ (08) වැඩවර්ජනයක් ආරම්භ කළා.
මේ අතර කම්හලේ වැඩ වර්ජනය හේතුවෙන් තමන් කැපූ උක් අස්වනු ටොන් දහසක් විකුණාගත නොහැකි බව පවසමින් සෙවණගල උක් ගොවීන් කිහිප දෙනෙකුද කම්හල ඉදිරිපිට විරෝධතාවයකද නිරත වූවා.
ඔවුන් දොරටු දෙකම අවහිර කිරීම නිසා ඊයේ (08) දිනයේ පැවතියේ දැඩි නොසන්සුන්තාවයක්.
එම ස්ථානයට ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරි සනත් කුමාර ඇතුළු පොලිස් කණ්ඩායමක් පැමිණ ගොවි විරෝධතාකරුවන්ගේ ගැටලුව කුමක්දැයි විමසීමේදී ඔවුන් තම ගැටලුව ඉදිරිපත්කර තිබෙනවා.
තමන් අනේක විඳ දුක් විදිමින් සකස් කරගන්නා ලද අස්වැන්නට වටිනාකමක් ගැනීමට පැමිණෙන විට මෙලෙස වැඩවර්ජනයක නිරත වීම නිසා තමන් දැඩි කම්පනයට පත්වන බවයි ගොවින් වැඩිදුරටත් පවසා සිටියේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…