විද්‍යාඥයින් පිරිසක් විසින් පසුගියදා නිරිතදිග එංගලන්තයේ වෙරළ තීරයේ ගල්පරවලින් ලොව පැරණිතම පොසිල වනාන්තරය සොයාගෙන තිබෙනවා.
ඒ සමර්සෙට් හි මයින්හෙඩ් නගරය අසල උස් වැලිගල් සහිත කඳුකර ප්‍රදේශයකින්.
මෙම වනාන්තරය අයත් ව ඇත්තේ වසර මිලියන 390 කට පෙර කාලයට බව වාර්තා වන අතර කේම්බ්‍රිජ් සහ කාඩිෆ් විශ්ව විද්‍යාලවල පර්යේෂකයන් වැඩිදුරටත් පවසා තිබුනේ මෙය බ්‍රිතාන්‍යයේ මෙතෙක් හමු වූ පැරණිතම පොසිල ගස් වන අතර එය පෘථිවියේ පැරණිතම වනාන්තරය බවයි.
පර්යේෂකයන්ට අනුව සොයාගත් ගස් කැලමොෆයිටන් ලෙස හඳුන්වන අතර ඒවා තල් ගස්වල ට සමානයි. එසේම එහි විශාලතම ගස් වල උස ප්‍රමාණය දැක්වෙන්නේ මීටර් දෙකත් හතරත් අතරයි. ඒවායේ කොළ නොතිබී ඇති අතර අතු සියගණනක් එක්ව ආවරණය වී තිබී ඇත.
ගස් ක්‍රමයෙන් වැඩෙන විට අතු දිගහැරී ඇති අතර මෙමඟින් ජීවීන්ට වනාන්තර තට්ටුවේ ජීවත් වීමට උපකාර වී ඇති බවත් බීජ දරණ ශාක පරිණාමය වීමට හේතු වී ඇති බවත් සඳහන් වනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…