ශ්‍රී ලංකා

ඇල්පිටිය රත් කල 17 හැවිරිදි තරුණියගේ ඝාතනය ගැන පොලිසියෙන් විශේෂ නිවේදනයක්!

ඇල්පිටිය පොලිස් වසමේ දී සිදුකළ 17 හැවිරිදි තරුණියගේ ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම තරුණිය තම දෙමව්පියන් සමග තල්ගහවත්ත, කරන්දෙනිය ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර ඇයගේ වැඩිමහල් සහෝදරියගේ ස්වාමි පුරුෂයා සමග අනියම් සම්බන්ධතාවක් පවත්වා ඇති බව පොලීසිය පවසයි.

මරණකාරිය සහ සැකකරු දැනට මාස කිහිපයකට පෙර සිට ඇල්පිටිය ප්‍රදේශයේ කුලී නිවසක එකට ජීවත්න ඇති බවට විමර්ශනයේදී අනාවරණ වූ බව පොලීසිය පවසයි.

දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් එම තරුණිය නැවත තම මව සිටින නිවසට පැමිණ සිට ඇත.

පසුව ආසන්න දිනක අනියම් සම්බන්ධතාවය පැවැත්වූ පුරුෂයා විසින් බැන තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් පසුගිය 04 වනදා කරන්දෙණිය පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදුකර තිබුණි.

එම පැමිණිල්ල විභාගය සඳහා 08 වනදා පොලිස් ස්ථානයට යමින් සිටිය දී සැකකරු තවත් කිහිප දෙනෙකු සමග ත්‍රිරෝද රථයකින් පැමිණ තල්ගහවත්ත ප්‍රදේශයේදී ඇයව පැහැරගෙන ගොස් තිබේ.

මෙම තරුණිය පැහැර ගත් සැකකරු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය විසින් සැකකරනු ලබන අතර ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඇල්පිටිය හා කරන්දෙණිය පොලීසිය විසින් සිදුකරයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

21 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

24 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago