අද (11) රාත්‍රියේ 8.30න් පසු එළඹෙන පැයක කාලයක් තුළ වෙඩි තබා ඝාතනය කිරිම් තුනක් වාර්තා වී ඇත. වෙඩි තැබීම්වලින් පුද්ගලයින් හය දෙනෙක් තුවාල ලබා තිබේ.
අද රාත්‍රී 08ට පමණ පිටිගල පොලිස් වසමේ ගුරුවල ප්‍රදේශයේ දී වෙළඳසලක් අසල දී පුද්ගලයෙක් වෙඩි තබා එම ස්ථානයේ දීම ඝාතනය කර තිබිණි. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලද කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා ගල්ළිඳ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබේ. යතුරු පැදියකින් පැමිණි නාඳුනන ඝාතකයින් දෙදෙනෙක් විසින් ටී.56 ගිනි අවියකින් වෙඩි තබා මෙම අපරාධය සිද්ධ කර තිබිණි.
එමෙන්ම අද රාත්‍රි 9ට අම්බලන්ගොඩ පොලිස් වසමේ ගලගොඩ ප්‍රදේශයේ දී වෙළෙඳ සලක් තුළ දී නාඳුනන ඝාතකයින් දෙදෙනෙක් විසින් පුද්ගලයින් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කර තිබිණි.
එම වෙඩි ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙක් බරපතල තුවාල ලබා ඇත. තුවාලකරුවන් බලපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇත. අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…