කරන්දෙණිය පොලිස් වසමේ දිවිය ගහවෙල පණලිය ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් රියදුරට පිහියෙන් ඇන මුදල් කොල්ලකා පළා ගොස් තිබෙනවා.
තුවාලත් රියදුරු ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
ඇල්පිටිය නගරයේ පල්ලිය අසල ත්‍රිරෝද රථ ගාලේ කුලී රථ රියදුරකු සමඟ දිවියගහවෙල ප්‍රදේශයට කුලී ගමනක් යාම සඳහා එම පුද්ගලයින් දෙදෙනා ඊයේ (10) දහවල් ත්‍රීරෝද රථයට නැඟ තිබෙන අතර දහවල් 2කට පමණ ත්‍රීරෝද රථයේ ගමන් කළ අය විසින් දිවියගහවෙල පනලිය පාළු ප්‍රදේශයකදී රියදුරුට පහරදී ඔහුට පිහියකින් ඇන තුවාල සිදුකර අසල වූ කුරුඳු ඉඩමකට ගෙන ගොස් ඔහු සතුව තිබූ මුදල් සහ දුරකථනයක් පැහැරගෙන ඇති බව වාර්තා වනවා.
සැකකරුවන් පළායාමෙන් පසු රියදුරු මාර්ගයට පැමිණ එහි ගමන් ගත් පුද්ගලයෙකුට සිද්ධිය පැවසීමෙන් අනතුරුව කරන්දෙණිය පොලීසියට මේ පිළිබඳ දැනුම්දී තිබෙනවා.
අනතුරුව තුවාල ලත් රියදුරු ඇල්පිටිය මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර මෙසේ තුවාල ලබා ඇත්තේ ඇල්පිටිය කම්පිටියවත්ත ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙකි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…