විහාරස්තානයක වෙඩි තැබීම ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයකට ඊයේ රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබේ.
මෙලෙස වෙඩි ප්‍රහාරය එල්ලවී ඇත්තේ මහියංගනය කුකුළාපොළ සෝනුත්තර මහාවිහාරයටය.
විහාරාධිපති හිමි වන පූජ්‍ය පොල්පැලකැටියේ පඤ්ඤරතන විහාරාධිපති හිමියන් වැඩ විසූ ආවාස කුටියට කිසිවෙකු මෙලෙස වෙඩිතබා ඇත.
ඒ විහාරාධිපති හිමියන් ඊයේ රාත්‍රියේ පිංකමක් සඳහා සහභාගී වී නැවත වැඩමකොට තම කුටියේ සැතපී සිටියදී මෙම වෙඩිතැබීම සිදුව තිබේ.
රාත්‍රී 12.30ට පමණ කිසියම් පිරිසක් ආවාස කුටියේ ජනේලය දෙසින් වෙඩි ප්‍රහාරය එල්ල කර තිබූ අතර ඉන් විහාරාධිපතිහිමියන්ට හානියක් සිදුව නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණය දෙහිඅත්තකණ්ඩිය අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සිදුකර ඇතිඅතර සැකකරුවන් සොයා පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…