ශ්‍රී ලංකා

ගම්මිරිස් ඇතුළු කුළුබඩු ප්‍රතිඅපනයනයට අවසර දුන් ගැසට්ටුව අත්හිටුවයි !

ගම්මිරිස් ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දීමට රජය විසින් පළ කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කර තිබේ.

ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කහ , ඉඟුරු , හා කරදමුංගු ආදි ශ්‍රී ලංකාවේ වැවෙන කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දෙමින් රජය විසින් පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.

ඊයේ (11) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ ගැසට් නිවේදනය සම්බන්ධව තම විරුද්ධත්වය පළ කර තිබේ.

විශේෂයෙන් මෙම කුළුබඩු වර්ග ප්‍රතිඅපනයනය සඳහා ආනයනයට අවසරදීම මඟින් දේශීය කුළුබඩු ගොවියා අධෛර්මත්වන බවත්, එමනිසා දේශීය කුළුබඩු නිෂ්පාදන වගාව කඩා වැටෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

එමෙන්ම දැනට ලෝකයේ හොඳම කුළුබඩු ලෙස සන්නාම අතර පළමු ස්ථානයේ සිටින ශ්‍රී ලංකාවේ කුළුබඩුවල ප්‍රමිතිය සඳහා මෙමඟින් ප්‍රබල බලපෑමක් එල්ල වන බව ද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

මෙම කරුණු සැළකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය අදාළ ගැසට් නිවේදනය අත්හිටුවීමටත්, ප්‍රතිඅපනයනය සඳහා කුළුබඩු මෙරටට ආනයනය කිරීම අත්හිටුවීමටත් තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

එමෙන්ම දේශීය කුළුබඩුවල ප්‍රමිතිය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා දීර්ඝ අධ්‍යයනයක් සිදුකිරීමටත්, දේශීය කුළුබඩු වැවිලි බෝගයන් ලෙස තවදුරටත් නැංවීම සඳහා රජය මඟින් ඉටු කළ යුතු කාර්යභාරය සම්බන්ධවත් අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කරන ලද බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

24 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago