ශ්‍රී ලංකා

මල්වතුහිරිපිටිය භික්ෂු ඝාතනයේ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට !

මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයකදී භික්ෂූන් වහන්සේනමක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අත්අඩංගුවේ සිට පළායෑමට උත්සාහ කිරීමේදී පොලිස් වෙඩි පහරින් මියගොස් ඇති බව පොලිසිය පවසයි.

සැකකරු අත්තනගල්ල යටවක ප්‍රදේශයේ සඟවා ඇති බව කියන අවි ආයුධ සොයාගැනීමට නිලධාරීන් පිරිවරාගෙන සිට ඇති අතර ඔහු පළායෑමට උත්සාහ කිරීමේදී පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට සිදු වූ බව පොලිසිය පවසයි.

පසුගිය ජනවාරි මාසයේදී මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයකදී වෙඩි තබා ඝාතනය කළ භික්ෂූන් වහන්සේනමක් ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවා ලෙස සැළකෙන සැකකරු පොලිසිය ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය.

32 හැවිරිදි සැකකරු මොණරාගල – හම්බේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වෙඩි තැබීම සිදුකළ තුවක්කුකරු බවට සැකකෙරේ.

ජනවාරි 23 වැනිදා අලුයම ගම්පහ මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක් තුළදී මෝටර් රථයකින් පැමිණි සිව් දෙනෙකුගෙන් යුත් ප්‍රහාරක පිරිසක් විසින් භික්ෂූන් වහන්සේනමකට වෙඩි තබා ඝාතනය කරන ලදී.

45 හැවිරිදි බෞද්ධ භික්ෂුව සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ කලපලුවාවේ ධම්මරතන හිමි ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ. එහෙත් පසුව භික්ෂුව ප්‍රතිකාර ලබමින් සිටියදී තුවාල ලබා මියගියේය.

මෙම ඝාතනයට සම්බන්ධ බව කියන සැකකරුවන් හත්දෙනකු මේ වනවිට පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

සිව්වැනි සැකකරු සන්තකයේ තිබී ප්‍රහාරකයන් භාවිත කළ බවට සැක කෙරෙන ටී 56 ගිනි අවිය සහ වෙඩි තැබීමට යොදාගත් මෝටර් රථයේ දුරස්ථ ස්විචය ද සොයාගෙන තිබේ.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

1 day ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago